අර්ජුන අමතක කළ අතීතය....
අතීත කතා වස්තුව෴
ඒ 1977 කුප්‍රකට මහ මැතිවරණ ප්රචණ්ඩ සමය යි. ජේ. ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස ප්රමුඛ එ.ජා.ප. රජය හයෙන් පහේ බලයෙන් උද්දාමයට පත් වී පොලිසියට දෙසතියක් නිවාඩු දී, කිසිදු මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පැමිණිල්ලක් පොලීසියකට බාර නොගන්නා තත්ත්වයක් යටතේ රට ගිනි තබමින් සිටි අවදියයි.
එවකට මිණුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වූ රෙජී රණතුංග නම් ප්රතාපවත් ජන මූල නායකයා තමන්ගේ පාක්ෂිකයන් රැකගනිමින්, ගමෙන්, රටෙන් හෝ නිවසෙන් පැන නොගොස් තනිව ම එජාප භීෂණයට මුහුණ දෙමින් සිටියේ ය. දැන් පතාක වීරයන් ලෙස රඟන ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිඳු වාමාංශික හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක් හෝ නායිකාවක් එදා පාක්ෂිකයා රැකගැනීමට තබා තම දේපළ රැකගැනීමට වත් ගම් රටවල නොසිටියෝ ය.
දින ගණනාවක් ඇදී ගිය පශ්චාත් මැතිවරණ භීෂණය අවසානයේ උඩුගම්පොළ රණතුංග නිවසට ද ආවේ ය. දහවල මුහුණට මුහුණ රෙජී රණතුංගට අභියෝග කරන්නට තරම් හයිකාරයෙක් එදා එජාප ජයග්රහණයෙන් පසුව වුව ද මිනුවන්ගොඩ ආසනයේ නොවූවේ ය. පරාජිත රෙජී ජයග්‍රාහී එජාපයට වඩා ශක්තිමත් ව සිටියේ ය.
දරුපැටවුන් ද සමග තමන්ගේ නිවසේ ම රැදී සිටි රෙජී රණතුංගයන් හඹා ආ ඒ තිරිසන් එජාප මැරයෝ උඩුගම්පොළ සිංහයාගේ නිවසට ගිනි තැබුවෝ ය. වහා දරුවන් පමණක් රැගෙන නිවසින් එළියට පැමිණි රෙජී, මැරයන් හඹා ගියත්, ඒ නිර්ලජ්ජිත තිරිසනුන් ඔහුට මුහුණදීගත නොහී පැන ගියහ.
එදා රණතුංග පවුලේ සියලු දේ ගින්නෙන් හළු වී ගියේ ය. තමන්ගේ ඇස් ඉදිරිපිට සිදු වූ මෙම සිද්ධිය නිවස ඉදිරිපිට බස් නැවතුම්පොළේ සිට බලා සිටි අර්ජුන රණතුංග, දැවෙන නිවසෙන් එළියට එනවිට රැගෙනවිත් තිබුණේ ක්‍රිකට් පිත්තක් පමණි. දරු පැටවුන් සමග දැවීගිය නිවස ඉදිරිපිට බස් නැවතුමේ රැදීසිටි රෙජී, පසුදින ආරක්ෂිත ස්ථානයක දරුවන් ද රැගෙන පිටත් විය.
වර්තමාන කතා වස්තුව෴
“කවුරුන් එ.ජා.ප. ය හැර ගියත් අවසන් මොහොත දක්වා ම සටන් කොට එක්සත් ජාතික පක්ෂය රැක ගැනීම මගේ අධිෂ්ඨානය බව හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.“ එදා එම සිද්ධියට වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සම්බන්ධ යැයි නිර්ලජ්ජිත ප්‍රකාශයක් ද අර්ජුන විසින් පසුකලෙක කළේය.
පූර්වාපර සන්ධි ගැළපීම෴
තමන්ගේ පණ දෙවැනි කොට ගම්පහ ජනතාවට ආදරය කළ රෙජී රණතුංග නම් ඒ මහා යුග පුරුෂයා ප්‍රසන්න රණතුංග නම් සුජාත පුත්‍රෙයක් ජාතක නොකළේ නම්, ගම්පහ ජනතාවට සිදුවන්නේ අර්ජුන රණතුංග වැනි වසල පුත්‍රයන්ගේ අමණ කතා අසා අතීතයට ශාප කරන්නට ය. ඒ වීර කතාව තවදුරටත් ඉතිහාස කතාවක් නොවන්නේ ප්‍රසන්න රණතුංග නම් මානව හිතවාදී දේශපාලනඥයා පියාගේ අඩි පාරේ යමින් ගම්පහ ජනතාවට සෙවන සදන්නට සැදී පැහැදී සිටින බැවිනි.
අවන්ත කෝකිල හෙට්ටිආරච්චි

Comments
Post a Comment