පාසල්වල ඔන් ලයින් ඉගැන්වීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හා ජනාධිපතිතුමා ඇන්දවීම.
ජනාධිපතිතුමා මුණ ගැසුණු අධ්‍යාපනඥයින් කණ්ඩායමක් රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇති බවත්, එය වහා හදුන්වාදියයුතු බවත් ජනාධිපතිතුමාට යෝජනා කර ඇති බවට වූ ප්‍රවෘත්තියක් ඊයේ අසන්නට ලැබුණි.
ශ්‍රී ලංකාවට ස්ථිර අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය බව යෝජනා කරන ලද්දේ 1990 ප්‍රකාශයට පත් කරන ලද තරුණයන් පිළිබද ජනාධිපති කොමිෂන් සභාව මගිනි. ඊට හේතුව වූයේ 1988/89 තරුණ නැගිටීමට ප්‍රධාන හේතුව අධ්‍යාපන සම අවස්ථා නොලැබීම හා රැකියා අවස්ථා හා අධ්‍යාපන සුදුසුකම් අතර නොගැළපීම බව එකී කොමිසම අවධාරණය කිරීම යි.
1991 අංක 19 දරණ පනත මගින් රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවන ලදි. දැන් එය පිහිටුවා වසර 29ක් ගත වී ඇතත්, රටට තවමත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැත. දැනටත් ජනාධිපතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති ආයතනයක් මහජන මුදල් ප්‍රකෝටි ගණනක් වියදම් කොට තමන්ගේ රාජකාරිය කර නැත්තේ ජනාධිපතිවරුන් හය දෙනෙකු ගොනාට අන්දමිනි.
එසේ තිබිය දී 2012 වසරේ එවකට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් තමන්ගේ ඇමති බලතල යොදාගෙන රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් නිර්දේශ කිරීම සදහා ආචාර්ය ජී. බී. ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍යංශ කමිටුවක් පත් කරන ලදි. විශාල කාලයක් හා මුදලක් වැය කර සකස් කළ එම අධ්‍යාපන පනත් කෙටුම්පත එතෙක් මෙතෙක් ලංකාවේ බිහිවූ විශිෂ්ටතම ප්‍රතිපත්ති ලියැවිල්ල බවට කිසිදු සැකයක් නැත. අනතුරුව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු ම පක්ෂ නියෝජිතයන්ගේ අනුමැතිය ලබාගත් මෙකී ලියැවිල්ල, බන්දුල ගුණවර්ධන සූරීන් අධ්‍යාපන ඇමති වූ සමයේ සැර බාල වී ජාත්‍යන්තර පාසල් මුදලාලි කෙනෙකු වන, එවකට අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වූ "ග්‍රේරෝ මැතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිපත්ති කෙටුම්පත" බවට පත් වී 2015 රජය පරාජයවීමත් සමග අතුරුදහන් වී ගියේ ය. එම මුල් ලියැවිල්ල අදටත් වලංගු විශිෂ්ට ප්‍රතිපත්ති ප්‍රකාශනයකි. එම ලියැවිල්ල සකස් කිරීමට දායක වූ සමහරෙක් ඊයේ ජනාධිපතිතුමා ඉදිරියේ වෙනත් ලියැවිල්ලක් උඩ දමනු දැක මෙය ලිවීමට සිත්විය.
අවසාන විග්‍රහයේ දී එකී වියතුන් දැක්වූ මතය වූයේ නූතන අධ්‍යාපනය හා රැකියා වෙළෙදපොළ අතර විශාල නොගැළපීමක් ඇති හෙයින් වෘත්තීය නැඹුරුවක් සහිත පාසල් අධ්‍යාපනයක් අපේ ජාතික ප්‍රතිපත්තිය වියයුතු බව යි. සාමාන්‍ය අධ්‍යාපනය යනු වෘත්තීය අධ්‍යාපනය නොවේ. පාසල් රැකියා අභිමුඛ අධ්‍යාපන ආයතනයක් නොවේ. අනිවාර්ය අධ්‍යාපනය තුළ තිබිය යුත්තේ වෘත්තීය නැඹුරුව ම නොවේ. ඉතිහාසය, සාහිත්‍යය, සොෟන්දර්යය, ගණිතය, විද්‍යාව, ආගම හා ප්‍රජාවිෂයයන් එහි අනිවාර්ය අංග යි.
වෘත්තීය, තාක්ෂණ, කාර්මික හා උසස් අධ්‍යාපනය ඊට ආනුශාංගික වුවත්, පාසල් අධ්‍යාපනය හා පටලවා ගතයුතු නැත. මේ රටේ පාසල් අධ්‍යාපනය, තවදුරටත් නිලධාරීන් හා දේශපාලනඥයන් අත කෙළි බඩුවක් වියයුතු නොවේ. දුටුගැමුණු චරිතය සාහිත්‍යයෙන් ඉතිහාසයෙන් ඉවත් කළ සමහරු ආගම විෂයය පන්ති කාමරයෙන් ඉවත් කිරීමට යෝජනා කළහ. ඇතැමෙක් ඉතිහාසය කන්න දැයි ඇසූහ. සාහිත්‍යය පන්ති කාමරයෙන් විසි කළහ. කෘෂිකර්මාන්තයට හා ධීවර කර්මාන්තයට උසස් අධ්‍යාපනයේ දී කුඩම්මාගේ සැලකිලි දැක්වූහ.
රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආයතනයක් තිබිය දී, එකී ආයතනය සුදු අලියෙකු ලෙස අන්දවා තබනු වෙනුවට එම ආයතනයෙන් ප්‍රයෝජනයක් ගත යුතු ය. නැතිනම් එය වසා දමා මහජන මුදල් කාබාසිනියා කිරීම නතර කළ යුතු ය. ජනාධිපතිතුමා යටතේ ම එවැනි ආයතනයක් තිබිය දී වියත්මගේ වියතුන් මෙසේ අන්ධයන් සේ හැසිරෙන්නේ මන්දැයි මට නොතේරේ.
ඊයේ මෙකී වියතුන් ජනාධිපතිතුමාට තවත් වැරදි අදහසක් උගෙනුම්/උගැන්වීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු පෙනුණි. එනම් පාසල්වල මාර්ගගත (Online) ඉගැන්වීම් ක්‍රමය අති සාර්ථක බවත්, එය තව තවත් පුළුල් කළයුතු බවත් ය. මෙය අතිශය මුලාවකි. මාර්ගගත උගැන්වීම දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කර ඇත්තේ එක දිගට පැයක් සදහා පමණි. අනෙක් අතට, බස්නාහිර පළාතේ පවා මාර්ගතගත උගැන්වීමේ දී ශිෂ්‍ය සහභාගිත්වය පිළිබද විධිමත් අධ්‍යයනයක් කිසිවෙක් මෙතෙක් කර නැත. අහඹු පරීක්ෂාවන්ට අනුව එකී සහභාගිත්වය 50% - 60% නො ඉක්මවයි. මෙම සංඛ්‍යා අනුරාධපුර, හම්බන්තොට කිලිනොච්චි, අම්පාර දිස්ත්‍රික්ක හා සැසදූවිට කෙබදු වේ ද?
දැනට බුද්ධිමතුන් අදහස් දක්වා ඇත්තේ මෙම කරුණු දෙක පිළිබදව පමණක් නිසා වැඩි දුර නොලියමි.

අවන්ත කෝකිල හෙට්ටිආරච්චි
Comments
Post a Comment