Posts

රටක් හඩ නගා උස් හඩින් ඉල්ලන දේවල් මොනවා ද?

Image
රට ඉල්ලන වෙනස කුමක් ද? නිදහසෙන් පසු වසර 74ක් රට පාලනය කළ කොළ, නිල්, රතු සහ කහ ආණ්ඩු හොදට ම කර ඇති බව දැනට රට මුහුණ පා සිටින තත්ත්වයෙන් පැහැදිළිව පෙනේ.  මෙම කාලසීමාව තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට යහපතක් වන අයුරු යන්තමින් හෝ  සකස් වූයේ 1972 දී පමණි.   1978 ව්‍යවස්ථාව හුදෙක් එක්සත් ජාතික පක්ෂයේ පැවැත්ම උදෙසාම සකස් වූවකි.  අද්‍යතන සමාජ ආර්ථික ප්‍රශ්නරැසකට හේතු වී ඇත්තේ ද, රට බංකොලොත්භවයට පත් කර ඇත්තේ ද ජේ.ආර්ගේ මෙම ඊණියා ව්‍යවස්ථාව හේතුවෙනි.  රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය සදහා එහි කිසිදු සංශෝධනයක් සිදු වී නැතත් එය වාර 20ක් මේ වනවිට එය සංශෝධනය කර තිබේ.   ඉන්දියාවේ ඉල්ලීමට අනුව 13 වන සංශෝධනය ගෙනාවත්, උපක්‍රමශීලී ලෙස රට දෙකඩ කිරීමට එය හේතුවක් වී තිබේ.  උතුර හා නැගෙනහිර එක් කිරීම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ ද ඉල්ලීම වූ අතර, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊට නෛතික රැකවරණය සැපයී ය.  අනෙක් අතට උතුරු නැගෙනහිර අර්බුදය සමහන් කිරීම පිණිස මෙම සංශෝධනය ගෙනාවත් එය මුල දී ක්‍රියාත්මක වූයේ රටේ වෙනත් පළාත්වල ය.   “පළාත් සභා අපට එපා“ යැයි පාරම් බෑ ජවිපෙ පවා අද එය උජාරුවෙන් කර තබාගෙන යන අතර, පළාත් සභා කිසිම ත
Image
අර්ජුන අමතක කළ අතීතය.... අතීත කතා වස්තුව෴ ඒ 1977 කුප්‍රකට මහ මැතිවරණ ප්‍රචණ්ඩ සමය යි. ජේ. ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස ප්‍රමුඛ එ.ජා.ප. රජය හයෙන් පහේ බලයෙන් උද්දාමයට පත් වී පොලිසියට දෙසතියක් නිවාඩු දී, කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිල්ලක් පොලීසියකට බාර නොගන්නා තත්ත්වයක් යටතේ රට ගිනි තබමින් සිටි අවදියයි. එවකට මිණුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වූ රෙජී රණතුංග නම් ප්‍රතාපවත් ජන මූල නායකයා තමන්ගේ පාක්ෂිකයන් රැකගනිමින්, ගමෙන්, රටෙන් හෝ නිවසෙන් පැන නොගොස් තනිව ම එජාප භීෂණයට මුහුණ දෙමින් සිටියේ ය.  දැන් පතාක වීරයන් ලෙස රඟන ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිඳු වාමාංශික හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෙක් හෝ නායිකාවක් එදා පාක්ෂිකයා රැකගැනීමට තබා තම දේපළ රැකගැනීමට වත් ගම් රටවල නොසිටියෝ ය.  දින ගණනාවක් ඇදී ගිය පශ්චාත් මැතිවරණ භීෂණය අවසානයේ උඩුගම්පොළ රණතුංග නිවසට ද ආවේ ය.  දහවල මුහුණට මුහුණ රෙජී රණතුංගට අභි‍‍යෝග කරන්නට තරම් හයිකාරයෙක් එදා එජාප ජයග්‍රහණයෙන් පසුව වුව ද මිනුවන්ගොඩ ආසනයේ නොවූවේ ය. පරාජිත රෙජී ජයග්‍රාහී එජාපයට වඩා ශක්තිමත් ව සිටියේ ය. දරුපැටවුන් ද සමග තමන්ගේ නිවසේ ම රැ

රංචාගොඩ නිලූකා

Image
ගොඩයන්නට ඕන නම් උඹටත් මේම කරපං වසර කීපයකට ආණ්ඩුකාරකම බංකොලොත්වෙලා පාරට වැටුණාම පුමිතිරි ලිඟු පවා මැකුවා රහසේම අස්වෙන ලියුමෙ ලිපිනය ලියලා තිබුණ ලොංඩොං පෙදෙස වෙයි දැං ඇගෙ පදිංචිය කහට පොතු කකා හිටියට ඒ කාලේ කුරුදුවත්තෙ දැන් ස්ථිර පදිංචිය කෝකිල අවන්ත හෙට්ටිආරච්චි

අමනාප නොවී මනාප පාවිච්චි කරමු.

Image
ජේ. ආර්. ජයවර්ධන මනාප ක්‍රමය ඇති කළේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට විනා පොදු පෙරමුණ දිනවීමට නොවේ.   1978 ව්‍යවස්ථාව සකස් කළේ ද එ.ජා.ප.යේ ඡන්ද පදනම පිළිබදව ඔහුට තිබූ හිවල් ඤාණය නිසාවෙනි.  සර්වජන ඡන්ද බලය ආරම්භයේ පටන් ම එක්සත් ජාතික පක්ෂයට වැටුණු ඡන්ද ප්‍රමාණය, තනි පක්ෂයක් ලබන විශාල ම ඡන්ද ගොඩ යි. එසේම, එ.ජා.ප.යේ හිවල් ප්‍රචාරණ උපායයන් වලින් අන්දමන්ද වූ ඡන්දදායකයා 1977 දී කළ ගොංකම නිසා ඡන්ද  1,855,331ක්  ලබාගත් ශ්‍රී.ල.නි.ප.ය. ආසන අටට වැටී, ඡන්ද 421,488ක් ලබාගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් දිනාගත් අතර, විපක්ෂ නායකකම අප්පාපිල්ලේ අමිර්තලිංගම්ට හිමිවිය.  රටක විපක්ෂනායකයා වන්නේ එම රටේ ඊළගට වැඩිම ජනතා බලය හිමි පක්ෂයට ය යන මතයක් ලෝකයේ තිබේ. මේ අහම්බෙන් කඩා වැටුණු විපක්ෂනායකකම නිසා, ලංකාවේ ද්‍රවිඩ ජනතාවට “වෙනම රාජ්‍යයක් අවශ්‍යය“ යන මතය ලෝකයේ ජනගත කිරීමට  මෙය කදිම අවස්ථාවක් වූයේ ය.  මනාප ක්‍රමය ඇතුළත් සමානුපාතික ඡන්ද ක්‍රමයට අත එසැවීමට සියල්ලන්ට සිදු වූයේ එහෙයිනි.  Summary of the   1977 Sri Lankan parliamentary election [2] Party Candidates Votes % Seats United

පාසල්වල ඔන් ලයින් ඉගැන්වීම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය හා ජනාධිපතිතුමා ඇන්දවීම.

Image
ජනාධිපතිතුමා මුණ ගැසුණු අධ්‍යාපනඥයින් කණ්ඩායමක් රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇති බවත්, එය වහා හදුන්වාදියයුතු බවත් ජනාධිපතිතුමාට යෝජනා කර ඇති බවට වූ ප්‍රවෘත්තියක් ඊයේ අසන්නට ලැබුණි. ශ්‍රී ලංකාවට ස්ථිර අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍ය බව යෝජනා කරන ලද්දේ 1990 ප්‍රකාශයට පත් කරන ලද තරුණයන් පිළිබද ජනාධිපති කොමිෂන් සභාව මගිනි. ඊට හේතුව වූයේ 1988/89 තරුණ නැගිටීමට ප්‍රධාන හේතුව අධ්‍යාපන සම අවස්ථා නොලැබීම හා රැකියා අවස්ථා හා අධ්‍යාපන සුදුසුකම් අතර නොගැළපීම බව එකී කොමිසම අවධාරණය කිරීම යි. 1991 අංක 19 දරණ පනත මගින් රටට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටුවන ලදි. දැන් එය පිහිටුවා වසර 29ක් ගත වී ඇතත්, රටට තවමත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැත. දැනටත් ජනාධිපතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති ආයතනයක් මහජන මුදල් ප්‍රකෝටි ගණනක් වියදම් කොට තමන්ගේ රාජකාරිය කර නැත්තේ ජනාධිපතිවරුන් හය දෙනෙකු ගොනාට අන්දමිනි. එසේ තිබිය දී 2012 වසරේ එවකට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් තමන්ගේ ඇමති බලතල යොදාගෙන රටට අවශ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් න

රංජන් රාමනායක නිදහස් කරනු!

Image
මැර විශ්වවිද්යාල ශිෂ්ය‍යෙකු තමන් වීදි සංචාරය කළ නිල රථයේ හප්පා යටකර පලාගොස් චම්පික රණවක හිටපු ඇමතිවරයා  කර ඇත්තේ සුළු වරදක් නම්, රංජන් කර ඇත්තේ ඇබිත්තං වරදෙකි.  ඒ නයින් ගත් කළ සජිත් කිසි වරදක් කර නොමැති අතර, රනිල්ට දොස්පැවරීම ම වරදෙකි. අනෙක් අතට අර්ජුන් මහේන්ද්‍රන් කිසිදු වරදක් කර නැත්තේ ඔහු ලාංකික පුරවැසියෙකු නොවන බැවිනි.  ඔහුට දණ්ඩ නීති සංග්‍රහය ද වලංගු නොවන අතර, එබැවින් ඔහු සොරකම් කළ මුදල් ඔහුට කැමති කෙනෙකුට බෙදා දීමට ඔහුට අයිතියක් ඇති අතර, ඊට එරෙහිවීමට මෙරට කිසිදු පුරවැසියෙකුට හිමිකමක් නොමැත.  බැදුම්කර මුදල්, තමන්ගේ හා තම පරම්පරාවේ ජීවිත යහපත් කරගැනීමටත්, දේශපාලන කටයුතුවලට හෝ වෙනත් කවර හෝ ක්‍රියාවකටත් කවරෙකු විසින් හෝ යොදාගැනීම කිසි වරදෙක් නොවේ.  මෙය වරදක් නම්, කසිප්පු කාරයාගේ, කුඩුකාරයාගේ, බාර් කාරයාගේ දානය වැලදීම ද වරක් වන අතර, එනයින් ගත් කල මෛත්‍රීපාල සිරිසේන කිසිදු වරදක් කර නැති අහිංසක ම අහිංසක පුද්ගලයෙකු වේ. එසේ ම, මෙලොව මෙතෙක් බිහි වූ අහිංසක ම, නිහතමානී ම, කරුණාවන්ත ම මිනිසා වන්නේ වේළුපිල්ලේ පිරපාහරන් වන අතර, එදා නන්දිකඩාල්වල දී එවැනි අහිංසක නිහතමානී සත්පුරුෂයෙකු වළප
Image
පාඨලී චම්පික රණවක යනු කවරෙක් ද? පාඨලී චම්පික රණවක නම් “දේශප්‍රේමීයා ” නිර්මලා වෙත ළං විය. මේ ලිපිය ලියා මාස කිහිපක ඇතුලත ඊ නිවුස් මාධ්යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සුදුවෑන් කල්ලිය විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද අතර ඊ නිවුස් කාර්යාලයද ආණ්ඩුවේ මැරයින් අතින් ගිනිබත් විය..ඒ සැදැහැවත් රණකාමී තරුණ උපාසක ඇමැති තැන වූ කලී.. හොරණ තක්ෂිලා විදුහලේ දී නිර්මලා හා අරවින්ද අතර වූ ආදරය විදුහල්පතිට දන්වා අරවින්ද පාසලෙන් ඉවත් කිරීමට කේලම කීවේ අප මේ කියන්නට යන කථා නායකයා ය. ඒ අරවින්ද අද ක්‍රිඩා අමාත්‍යාංශයේ උසස් නිළදරුවකි. එදා අරවින්ද පාසලෙන් ඉවත් කළ පසු අප කථා නායකයා නොහොත් පාඨලී චම්පික රණවක නම් “දේෂප්‍රේමීයා” නිර්මලා වෙත ළං විය. නිර්මලා රැඩිකල් තරුණියක් සේ පෙනුනා ය. පසුව නිර්මලා 89 කැරැල්ලට හසුව සිරගතව සිටිනවා යැයි චම්පිකට ආරංචි විය. චම්පික වහා ඇය සොයා ගියේය. හමුවීම සිදුවූයේ කොල්ලූපිටියේ යටාරෝ කැෆිටේරියාවේ පවත්වාගෙන ගිය රැඳවුම් කඳවුරේදී ය. ඇය එ වන විට එක් විවාහයකින් වෙන්ව සිටියා ය. ඔහු ඇයට එදිනම බදින්නට යෝජනා කළේය. පසුව ඇය කෙරෙහි උපන් මහත් අනුකම්පාවෙන් කියා චම්පික රණවක නිර්මලාව විවාහ කර ගත