රාජපක්ෂවරු හොරකම් කළ රටක්.....
@කෝකිල අවන්ත හෙට්ටිආරච්චි 2019 අප්‍රේල් මස 17 වන බදාදා.
පළමුවන දිග හැරුම......
ලෙයින් කදුළින් නැහැවුණු රටක්, රජයේ සේවකයන්ට මාසයේ පඩිය ගෙවාගත නොහැකි භාණ්ඩාගාරයක්, බෙහෙත් නැති රෝහල්, අලි නෑවිය හැකි වළවල් සහිත මහා මාර්ග පද්ධතියක්, දරුවන් පාසල් යවා කානු ගේට්ටු මුර කරන මව්පියන්, ගෙදර දෙමහල්ලන් කෝච්චි පෙට්ටි දෙකක වැඩට යන සමාජයක්, තුනෙන් එකක් ගොඩබිම ද, තුනෙන් දෙකක් මුහුද ද අහිමි ලංකාවක් මහින්ද රාජපක්ෂට භාර දී චන්ද්‍රිකා හොරගොල්ලට ගියා ය.
ඉල්ලන කුමක් හෝ දී රටේ බෝම්බ පිපිරීමත්, දකුණට අතෝරක් නැතිව සීල් පෙට්ටිවල දමා එවන සොල්දාදුවන්ගේ මළ මිනීත් නවත්වන ලෙස ජනතාව රජයට බල කරන තැනකට යුද්ධය තල්ලු වී තිබුණි. රටේ ආර්ථික මර්මස්ථාන කොටියා විසින් බිලිගෙන තිබූ අතර, ගමනාගමනය ප්‍රවාහනය මතු නොව ස්ත්‍රී පුරුෂ සංසර්ගය ද කොටියාට අවශ්‍ය ආකාරයට ම සිදු වූවා යැයි කීම බොරුවක් නොවේ. පැවැති රජයන් මගින් මුදල් හා ආයුධ ද දී පෝෂණය කළ, සාකච්ඡා හා සංවාද පවත්වා ජාත්‍යන්තර පිළිගැනීම ද ලබාගත් කොටි තමන්ගේ ම උසාවි, පොලිසි පමණක් නොව මුදල් ඒකකයක් ද භාවිතා කළේ තමන් වෙනම රටක් බව ලෝකයාට ඒත්තු ගන්වමිනි.
රාජ්‍ය භාණ්ඩාගාරය බින්දුවට සිදී ගොස් තිබූ මෙකල හමුදාවේ ආත්මවිශ්වාසය හා අභිමානය ද, යුධ ශක්තිය ද බින්දුවට වට්ටා තිබූ අතර, කිසිදු අසල්වැසි රටක් කොටින්ට එරෙහි ව ලංකා රජයට ආයුධ විකිණීමට පවා ඉදිරිපත් නොවී ය. ආයුධ නිපදවන මහ බලවතුන් මුදලට හෝ ලංකා රජයට ආධ ලබා නොදුන්නේ ය. හමුදාවේ පිරිස් බලය ද, උද්යෝගය ද ඉතා හීන අඩියක තිබුණි. හැම අතින් ම කොටියා පරාජය කළ නොහැකි ය යන සංඥාව සමාජ ගත කෙරිණි.
ගිරුවායේ මහින්ද මුලින් සාකච්ඡාවට ගියේ කොටියාගේ තරම නොදැන නොවේ. කොටියා සිතුවේ මහින්ද ද තමන්ට හමුවූ වර්ගයේ ම දේශපාලනඥයෙකැයි කියා ය. පළමු සාකච්ඡාවට යද්දී ම ‘මාව බිත්තියට හේත්තු කරන්න එපා‘ යැයි ඔහු කළ ඉගිය ප්රභාකරන්ට නොවැටහිණ.
සාකච්ඡා පැවතිය දී ම පිට කොන්දක් සහිත රටට ආදරය කරන ප්රජාතන්ත්රවාදී රාජ්‍ය නායකයෙකුට ඉටු කළ නොහැකි ඉල්ලීම් වැලක් කොටින් වෙතින් ඉදිරිපත් කෙරිණ. ඒවා එකිනෙක ප්‍රතික්ෂේප වෙද්දී ප්රභාකරන් සුපුරුදු සෙල්ලම පටන් ගත්තේ ය. ඒ තැන තැන බෝම්බ පිපිරවීම යි. මහින්ද සලිත කළ බස් බොම්බය පුපුරා ගියේ කැඹිතිගොල්ලෑවේ ය.
ස්වභාවයෙන් ම දරුවන් කෙරෙහි අප්‍රමාණ සෙනෙහසක් දක්වන මේ ප්රජාතන්ත්රවාදී නායකයා මෙම සිද්ධියෙන් සලිත වූ බවක් රටට ම වැටහිණ. මිනිසුන්ගේ ඉවසීම ද හීන වෙමින් පැවති අතර, රජයේ සේවකයන් ද තම වැටුප නවත්වා හෝ මෙම යුද්ධය අවසන් කරන්නැයි හඩ නගන තැනට තල්ලු වී සිටියේ ය. කවුරුනුත් කල්පනා කළේ මහින්ද කොයි මොහොතේ හෝ ජනතා පැතුම ඉටු කරනු ඇති කියා ය.
දෙවන කොටසින්......
ජලය ජීවය වේ... මාවිල් ආරු සහ ප්රභාකරන්ගේ අත් වැරැද්ද.
Comments
Post a Comment