මිනීමරුවෙකු පිළිගැනීමට ආ මහ සෙනගක්.....





ලංකාවේ මිනිසුන් වහලුන් යැයි කියන්නේ නිකමට නොවේ.   ගෝඨාභය රාජපක්ෂ යනු අඩු ම තරමින් ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරයෙක් වත් නොවේ.  ඔහු හිටපු සොල්දාදුවෙක් වන අතර, විශ්‍රාම යාමෙන් පසු ඇමෙරිකාන් පුරවැසිභාවය ගෙන එහි ජීවත් වූ අයෙකි.  සමහරු කියන්නේ ඔහු ඇමෙරිකාවේ ඉන්ධන හලක සේවය කළ වගකි.

අනෙක් අතට මහින්ද රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, පසුව නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකත් සේවය කළ රජයේ සේවකයෙකි.  පෞද්ගලික චාරිකාවක් සදහා තමන්ගේ මව්රටට ගිය ගෝඨාභය අද පෙරවරුවේ ලංකාවට ආවේ ය.  ඊයේ පටන් කටුනායක දී ඔහු පිළිගැනීමට විශාල පිරිසක් බුකියේත් ඉන් පිටතත් රැස්කනු පෙණුනි. 

අද විශාල පිරිසක් කටුනායකට පැමිණ සිටි අතර, පෙරේදා පරාජිත හිටපු ජනාධිපතිවරයා ගමන්ගත් මාතර - බෙලිඅත්ත දුම්රියට අත වනන්නට මෙන් විශාල සෙනගක් මහ මග ද රැස්කනු පෙනුනි.  මෙය රාජපක්ෂ උන්මාදයක් මිස අන් කුමක් ද?  ලංකාවේ මිනිස්සු තවමත් පරාජිත රාජපක්ෂ රෙජිමය පසුපස වහලුන් සේ දුවති.  මහා සංස්කෘතික උරුමයක් සහිත ජාතියක් මෙසේ හැසිරීම ලැජ්ජාවට කරුණකි.  

සිතන්නෝ සිතත්වා...!

Comments