Posts

Showing posts from April, 2019

රණසිංහ හා සජිත් ප්‍රේමදාස ඩබල

Image
සජිතුයි තාත්තයි දෙන්නම එකයි.... මුන් තමයි මේ රටේ පිළිල....... පහුගිය අවුරුදු 4ට කෝටි 1920ක් ගිලලා... BMW යනු ලෝකයේ තිබෙන සුඛෝපභෝගී මෝටර් රථ වර්ගයකි. ඒ අනුව BMW යනු වෙළෙඳ සන්නාමයකි. පුද්ගලයකුගේ නමට මුලින් ද මේ අකුරු තුන තිබිය හැකි ය. ඒ ඔහුගේ වාසගමට ඇතුළත් වචනවල මුල් අකුරු වශයෙනි. එහෙත් BMW යන සන්නාමයෙන් පුද්ගලයකු හඳුන්වනවා යැයි කිව හොත් ඔබට පිළිගත හැකි ද? පුද්ගලයකු හැඳින්වීම සඳහා සන්නාමයක් යෙදිය නොහැකි යැයි ඔබ එකහෙළා ම පවසනු ඇත. එහෙත් එවැනි එක ම එක පුද්ගලයෙක් අපේ රටේ සිටී. ඒ පුද්ගලයා නම් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වර්තමාන සභාපති ලක්විජය සාගර පලන්සූරියයි. ඔහුට BMW යන සන්නාමය ලබා දී ඇත්තේ නිවාස අධිකාරියේ සේවකයන් විසිනි. සේවකයන් කියන අන්දමට ඒ සන්නාමය සෑදී ඇත්තේ බොරුව, මුලාව, වංචාව යන වචන තුනේ මුල් අකුරුවලිනි. (Boruwa, Mulawa, wanchawa) සේවකයන් කියනා අන්දමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉතිහාසය වැසී ඇත්තේ බොරුව, මුලාව සහ වංචාවෙනි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යනු ජාතියට නිවාස සැපයීම සඳහා පිහිටුවන ලද රාජ්‍ය ආයතනයයි. 1979 අප්‍රේල් 01 දා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බවට පත් කරන ලද්දේ...

රාජපක්ෂවරු හොරකම් කළ රටක්.....

Image
@කෝකිල අවන්ත හෙට්ටිආරච්චි                                         2019 අප්‍රේල් මස 17 වන බදාදා. පළමුවන දිග හැරුම...... ලෙයින් කදුළින් නැහැවුණු රටක්,  රජයේ සේවකයන්ට මාසයේ පඩිය ගෙවාගත නොහැකි භාණ්ඩාගාරයක්, බෙහෙත් නැති රෝහල්, අලි නෑවිය හැකි වළවල් සහිත මහා මාර්ග පද්ධතියක්, දරුවන් පාසල් යවා කානු ගේට්ටු මුර කරන මව්පියන්,  ගෙදර දෙමහල්ලන් කෝච්චි පෙට්ටි දෙකක වැඩට යන සමාජයක්, තුනෙන් එකක් ගොඩබිම ද, තුනෙන් දෙකක් මුහුද ද අහිමි ලංකාවක් මහින්ද රාජපක්ෂට භාර දී චන්ද්‍රිකා හොරගොල්ලට ගියා ය. ඉල්ලන කුමක් හෝ දී රටේ බෝම්බ පිපිරීමත්, දකුණට අතෝරක් නැතිව සීල් පෙට්ටිවල දමා එවන සොල්දාදුවන්ගේ මළ මිනීත් නවත්වන ලෙස ජනතාව රජයට බල කරන තැනකට යුද්ධය තල්ලු වී තිබුණි.  රටේ ආර්ථික මර්මස්ථාන කොටියා විසින් බිලිගෙන තිබූ අතර, ගමනාගමනය ප්‍රවාහනය මතු නොව ස්ත්‍රී පුරුෂ සංසර්ගය ද කොටියාට අවශ්‍ය ආකාරයට ම ස...

හෙංචයියන් ලවා තමන් ම සියනෑවේ සිංහයා යැයි කියා ගන්නා ප්‍රසන්න රණතුංග

Image
ප්‍රසන්න රණතුංගගේ දේශපාලන උප්පරවැට්ටි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නොවේ.  බස්නාහිර පළාතේ මහ ඇමති ලෙස කටයුතු කළ අවදියේ එක ම එක්සත් ජාතික පාක්ෂිකයෙකුට හෝ පාසලක කම්කරු රැකියාවක් වත් ඔහුගෙන් නොලැබුණි.  එජාප බල කොටුවක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ආසනවල එකම මන්ත්‍රී කෙනෙකුගේ ලිපියකට හෝ අපේ පාක්ෂිකයෙකුගේ දරුවෙකු පාසලකට ඇතුළු කරගත නොහැකි විය. වත්තල, ජාඇල ආදී අපේ කොළ බලකොටුවල තිබූ අති දුෂ්කර පාසල් පවා දියුණු කිරීම නිසා නාගරික ජනප්‍රිය පාසල් දෙකේ කොලේට බැස්සුවේ මේ නරුමයා ය. අන්තිමට කොහෙදෝ සිටි බැසිලෙක් දකුණේ සිට කරගසාගෙන විත් ගම්පහ අපේ ඡන්ද වලින් පාර්ලිමේන්තු යැව්වේ අපි කුප්ප කුජීත කරවමිනි. තාත්තා කළා සේ ම අපේ  සාම්ප්‍රදායික ඡන්ද පදනම සුණුවිසුණු කරමින් මොහු දැන් දඟලන්නේ මිණීමරු ගෝඨාභය ජනාධිපති පුටුවේ වාඩි කරවීමට ය.  ඊට ඇති හොඳ ම සාධකය ඊයේ තිබූ කටුනායක පිළිගැනීම යි. මේවා බලමින් එජාප ආධාරකරුවන් ලෙස ඉවසා සිටීම අපේ පූර්වගාමීන්ට ලජ්ජාවකි. මෙසේ නිහඬ වුවහොත් ඩී.ඇස්. ලා, ඩඩ්ලි ලා, ජේ.ආර්. ලා අපට සාප කරනු ඇත.

මිනීමරුවෙකු පිළිගැනීමට ආ මහ සෙනගක්.....

Image
ලංකාවේ මිනිසුන් වහලුන් යැයි කියන්නේ නිකමට නොවේ.   ගෝඨාභය රාජපක්ෂ යනු අඩු ම තරමින් ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරයෙක් වත් නොවේ.  ඔහු හිටපු සොල්දාදුවෙක් වන අතර, විශ්‍රාම යාමෙන් පසු ඇමෙරිකාන් පුරවැසිභාවය ගෙන එහි ජීවත් වූ අයෙකි.  සමහරු කියන්නේ ඔහු ඇමෙරිකාවේ ඉන්ධන හලක සේවය කළ වගකි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක ලේකම්වරයා ලෙසත්, පසුව නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකත් සේවය කළ රජයේ සේවකයෙකි.  පෞද්ගලික චාරිකාවක් සදහා තමන්ගේ මව්රටට ගිය ගෝඨාභය අද පෙරවරුවේ ලංකාවට ආවේ ය.  ඊයේ පටන් කටුනායක දී ඔහු පිළිගැනීමට විශාල පිරිසක් බුකියේත් ඉන් පිටතත් රැස්කනු පෙණුනි.  අද විශාල පිරිසක් කටුනායකට පැමිණ සිටි අතර, පෙරේදා පරාජිත හිටපු ජනාධිපතිවරයා ගමන්ගත් මාතර - බෙලිඅත්ත දුම්රියට අත වනන්නට මෙන් විශාල සෙනගක් මහ මග ද රැස්කනු පෙනුනි.  මෙය රාජපක්ෂ උන්මාදයක් මිස අන් කුමක් ද?  ලංකාවේ මිනිස්සු තවමත් පරාජිත රාජපක්ෂ රෙජිමය පසුපස වහලුන් සේ දුවති.  මහා සංස්කෘතික උරුමයක් සහිත ජාතියක් මෙසේ හැසිරීම ලැජ්ජාවට කරුණකි.   සිතන්නෝ සිතත්වා...!