සියනෑවේ සිංහයාගේ දේශපාලනය
අද දේශපාලනයට ඕනෙ
විද්වත් ප්‍රායෝගික මිනිස්සු මිසක්
විද්වත් යැයි කියාගන්නා මිනිස්සු නෙමේ🙏
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ප්‍රසන්න උසස් අධ්‍යාපනය සදහා ඕස්ට්‍රේලියාවට යන්නෙ තමන්ගෙ දැනුම තව තවත් පෝෂණය කර ගන්න. ඉන් අනතුරුව ලංකාවේ ප්‍රධාන පෙලේ මුල්‍ය ආයතනයක කළමනාකරු විදිහට සිය ප්‍රථම රාජකාරිය පුද්ගලික ආයතනයකින් පටන් ගන්න ප්‍රසන්න, දිනෙන් දින ආයතනයේ දියුණුවට ප්‍රධාන දායකත්වයක් දක්වනව. පසු කාලයක එම ආයතනයේ කළමනාකරු වන ප්‍රසන්න, රෙජී රණතුංග කියන ඒ ප්රතාපවත් තාත්තගෙ ආභාශයෙන් දේශපාලනයට පිවිසෙනව.
ඒ ඉහළ පළපුරුද්ද වගේම, සාමාන්‍ය පොතේ පතේ දැනුමත් එක්ක ප්‍රායෝගික ව ප්‍රසන්න වැඩ පෙන්නල තම පුද්ගලික ආයතනයත් රටේ ප්‍රදාන තැනකට ගේන්න දායකත්වය දක්වපු ආයතන ප්‍රධානියෙක්. (අද මෙම ආයතනය රටේ ප්‍රධාන පෙලේ මුල්‍ය ආයතනයක්.)
අද දේශපාලන කරලියේ මූලික මාතෘකාවක් තමයි විද්වතුන්, වියතුන්. දේශපාලනයට පැමිණිය යුතු බවට නැගෙන මතය. දේශපාලනයට විද්වත් බව වගේම පොතේ පතේ දැනුමත්, ප්‍රායෝගික පුද්ගලයෙකුවීමත් ඉතා වැදගත්.
විද්වත් කියන මාතෘකාවට දේශපාලනයේ ප්‍රායෝගික කියන වචනය දක්වන්නේ පුදුම සමානකමක්. හරියට 1+1= 2 වගේ. ඒක දේශපාලනයට පමණක් නොවෙයි, ඕනෑම මාතෘකාවකට වැදගත් සාධකයක්. වඩා වැදගත් වන්නේ ප්‍රායෝගික මිනිස්සු. වැඩ පෙන්නපු මිනිස්සු. අතීතයේ ඉඳල ම මේ රටට වැඩ කළේ එහෙව් ප්‍රායෝගික මිනිස්සු. 🙏
S.W.R.D බන්ඩාරනායක කියන්නෙත් එහෙව් ප්‍රායෝගික මිනිහෙක්. සිරිමා බන්ඩාරනායකත් එහෙමයි. කොටින් ම මහින්ද රාජපක්ෂත්, බැසිල් රාජපක්ෂත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් වැටෙන්නෙ වැඩ කරපු, වැඩ පෙන්නපු ප්‍රායෝගික මිනිස්සුන්ගෙ ගනයට.
දැන් අහන්න එපා UNP එකේ එහෙම මිනිස්සු හිටියෙ නැද්ද කියල. එහෙම මිනිස්සු හිටිය ඉස්සර. ගාමිනී දිසානායක වගේම ලලිත් ඇතුළත් මුදලිත් වැටෙන්නෙ අන්න ඒ ගනයට. රණසිංහ ප්‍රේමදාසත් ප්‍රායෝගික නායකයෙක්. හැබැයි සජිත්ට ඒ කිසිම ගුණයක් පිහිටලා නෑ. කොටින් ම කියනව නම් සජිත් කියන්නෙ පට්ට කාලකන්නියෙක්. ඒක ඔහු ම තහවුරු කරල පෙන්නල ඉවරයි.
විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ඔප්පු කරමින් තියනව විද්වත් බව විතරක් නෙමේ ප්‍රායෝගික බවත් රටක් නගාසිටුවන්න මුල් වන ප්‍රධාන සාධකයක් බව. ඇත්ත කතාව ඒකයි.....
රටක දියුණුවට රටකට ඕනෙ වැඩ කරන, රට හදන, දැක්මක් සහිත ප්‍රායෝගික මිනිස්සු මිසක් විද්වත් ලේබලේ අලවන් ඔහේ ඉන්න මිනිස්සු නොවන බව අප හොඳින් තේරුම් ගත යුතුයි.
විශේෂයෙන් ගම්පහ ප්‍රසන්න කියන්නෙත් එහෙව් ප්‍රායෝගික නායකයෙක්. අමාත්‍යංශය ගණනාවක් පලාත් සභා මහ ඇමති පුටුවෙ ඉදන් සාර්ථකව හොබවපු ප්රසන්නත් මම දකින දේශපාලන ලෝකයේ අද සිටින සාර්ථක ම ප්‍රායෝගික මිනිහෙක්.
🙏
Shammi Perera
Copied & Edited by
කෝකිල අවන්ත හෙට්ටිආරච්චි
Comments
Post a Comment