රංජන් රාමනායක නිදහස් කරනු!
මැර විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු තමන් වීදි සංචාරය කළ නිල රථයේ හප්පා යටකර පලාගොස් චම්පික රණවක හිටපු ඇමතිවරයා කර ඇත්තේ සුළු වරදක් නම්, රංජන් කර ඇත්තේ ඇබිත්තං වරදෙකි. ඒ නයින් ගත් කළ සජිත් කිසි වරදක් කර නොමැති අතර, රනිල්ට දොස්පැවරීම ම වරදෙකි. අනෙක් අතට අර්ජුන් මහේන්ද්‍රන් කිසිදු වරදක් කර නැත්තේ ඔහු ලාංකික පුරවැසියෙකු නොවන බැවිනි. ඔහුට දණ්ඩ නීති සංග්‍රහය ද වලංගු නොවන අතර, එබැවින් ඔහු සොරකම් කළ මුදල් ඔහුට කැමති කෙනෙකුට බෙදා දීමට ඔහුට අයිතියක් ඇති අතර, ඊට එරෙහිවීමට මෙරට කිසිදු පුරවැසියෙකුට හිමිකමක් නොමැත. බැදුම්කර මුදල්, තමන්ගේ හා තම පරම්පරාවේ ජීවිත යහපත් කරගැනීමටත්, දේශපාලන කටයුතුවලට හෝ වෙනත් කවර හෝ ක්රියාවකටත් කවරෙකු විසින් හෝ යොදාගැනීම කිසි වරදෙක් නොවේ. මෙය වරදක් නම්, කසිප්පු කාරයාගේ, කුඩුකාරයාගේ, බාර් කාරයාගේ දානය වැලදීම ද වරක් වන අතර, එනයින් ගත් කල මෛත්‍රීපාල සිරිසේන කිසිදු වරදක් කර නැති අහිංසක ම අහිංසක පුද්ගලයෙකු වේ. එසේ ම, මෙලොව මෙතෙක් බිහි වූ අහිංසක ම, නිහතමානී ම, කරුණාවන්ත ම මිනිසා වන්නේ වේළුපිල්ලේ පිරපාහරන් වන අතර, එදා නන්දිකඩාල්වල දී එවැනි අහිංසක න...